― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව මූලික සාකච්ඡාව ඊයේ (14) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උලෙළ මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වෙන අතර එහි සමාප්ති උලෙළ මාතලේ අනුරුද්ධ අරණේදී පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව මැයි මස 21 වැනිදා සිට මැයි මස 27 වැනිදා දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වීමට නියමිතය.