27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ තරුණයෙක්ට දෝනිගෙන් අවස්ථාවක්

යාපනයේ තරුණයෙක්ට දෝනිගෙන් අවස්ථාවක්

යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ 17 හැවිරිදි කුගදාස් මාතුලන්ට මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සහාය පන්දු යවන්නෙකු ලෙස එක්වන්නට අවස්ථාව හිමිව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව කුගදාස් මේ වනවිටත් ඉන්දියාවේ චෙන්නායි හි මදුරාසිය බලා පිටත්ව ගොස් ඇති අතර යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ සහ යාපනය මාධ්‍ය මහා විද්‍යාලය අතර මෙවර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයේ දී පන්දු යැවීමෙන් ඔහු දැක් වූ දක්ෂතා, චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් දැක කුගදාස්ට මෙම අවස්ථාව ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන කුගදාස් මාතුලන් මෙවර වාර්ෂික ක්‍රිකට් තරගයේ දී යාපනය මාධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමේ දෙකේ දී කඩුලු 04ක් බිඳ දැමුවා.