28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවයඹ පළාත් ප්‍රධාන ලේකම්වරිය වැඩ භාර ගනී

වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරිය වැඩ භාර ගනී

වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරිනියක වූ දීපිකා ගුණරත්න අද (15) පෙරවරුවේදී වයඹ පළාත් ප්‍රධාන ලේකම් කාර්‍යාලයේ දී වැඩ භාර ගත්තාය.

රාජ්‍ය කළමනාකරණ සේවයෙන් රාජ්‍ය සේවයට එක්ව ඇති ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය සමත්ව සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක, ප්‍රාදේශීය ලේකම්වරියක, අමාත්‍යාංශ අතිරේඛ ලේකම්වරියක ලෙස මෙන්ම දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස ද කටයුතු කර ඇති ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීනියකි.

වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරිය ලෙස පත්වීමට පෙර ඇය දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරිය ලෙස සේවය කරමින් සිට ඇත.

වයඹ පළාත් රාජ්‍ය සේවයයේ දොළොස් වන (12) පළාත් ප්‍රධාන ලේකම්වරිය වන දීපිකා ගුණරත්න වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරට පත් එකම කාන්තා නිලධාරිනිය ද වන්නීය.