28.9 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිරාන් බාසික්ගේ ගෝලයෙක් අයිස් සමඟ මාට්ටු

ශිරාන් බාසික්ගේ ගෝලයෙක් අයිස් සමඟ මාට්ටු

දැනට විදේශගතව සිට මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් බාසික්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ප්‍රධාන ගෝලයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (14) දෙහිවල පොලිස් වසමේ, සුමුදු රාජපක්ෂ මාවත ක්‍රීඩා පිටිය ඉදිරිපිට මාර්ගයේදී වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 10 මිලිග්‍රැම් 200 ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 පුද්ගලයෙකු ත්‍රිරෝද රථයක් හා ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා දැනට විදේශගතව සිට මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ශිරාන් බාසික් නැමැත්තාගේ දෙහිවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ප්‍රධාන ගෝලයෙක් බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එමන්ම 2024.03.10 වන දින දෙහිවල ගල්වල පාර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය හා T 56 පතුරම් ගැබ් හා ජීව උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට අදාළව එම ස්ථානයේ තිබූ තවත් මත්ද්‍රව්‍ය හා T 56 පතොරම් ගැබ් හා ජීව උණ්ඩ හා පිස්තෝල පතොරම් ගැබ් රැගෙන පලාගොස් සැඟව සිටි නඩුවට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවෙකු බවටත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.