26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News19 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක්

19 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක්

19 වැනිදා සිට නැවතත් වැඩ වර්ජනය ආරම්භ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කැඳවුම්කරු කියා සිටියේ සෞඛ්‍ය ඇමතිවරයා ගැටළුව විසඳීමට උපරිම උත්සාහ ගන්නා බවත් එනමුත් මුදල් අමාත්‍යාංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත්ය.

ඒ අනුව 19 වැනිදා සිට රෝගීන්ට සිදු විය හැකි අපහසුතාවයන්ගේ පූර්ණ වගකීම සාකච්ඡා මඟහරින නිලධාරීන් භාරගත යුතු බවයි රවී කුමුදේෂ් පවසන්නේ.

විධ්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන්නේ.