26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2023දී රැඳවියන් මිලියන 116ක් උපයලා

2023දී රැඳවියන් මිලියන 116ක් උපයලා

2023 වර්ෂයේදී බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයාගෙන ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය සමඟින් රැදවියන් බන්ධනාගාර තුළ සිටම රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලැබූ බවයි.

ඒ අනුව වැලිකඩ, මහර, අගුණකොලපැළැස්ස යන බන්ධනාගාර සපත්තු, කොයිල් සහ ආහාර නිෂ්පාදනය කෙරෙන බවයි හෙතෙම කියා සිටියෙන්

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.