27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් මත්ද්‍රව්‍ය සමඟ 06ක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ 06ක් අත්අඩංගුවට

හැටන් ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ ප්‍රධාන ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොහු සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගෙන සන්තකයේ තබාගෙන සිටි තරුණයන් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් කොට්ඨාස භාර දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර යුක්තියේ මෙහෙයුමට සමගාමීවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැකකරුගෙන් ලද තොරතුරු මත ප්‍රධාන ජාවාරම්කරු සහ අයිස් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වී සිටි සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය හැටන් ප්‍රදේශයට බෙදා හරින ප්‍රධාන ජාවාරම්කරු හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හැටන්, තලවකැලේ යන ප්‍රදේශවල පදිංචි අවු 20-30 වයස් කාණ්ඩවල පසුවන අය බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත දින හතක් පොලිසියේ රඳවාගෙන මෙම ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවයි මූලස්ථාන පොලිසිය සඳහන් කළේ.