29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකටුනායක ප්‍රධාන ජාවාරම්කරුවෙක් පොලිස් දැලේ

කටුනායක ප්‍රධාන ජාවාරම්කරුවෙක් පොලිස් දැලේ

කටුනායක ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජාවාරම්කරුවෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විදේශ නිලධාරීන් පිරිසක් විසින් මෙම මෙහෙයුම සිදු කර ඇති අතර එහිදී ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 25 පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි දෙදරු පියෙක් බවයි. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ජා ඇළ, කණුවන ප්‍රදේශයේ ‘අඹ සෙවණ’ අවන්හලේ හිමිකරුවා ද මොහු වන බවයි.

ඔහු ජා ඇළ, කණුවන ප්‍රදේශයේ මහල් නිවාසයක සුඛෝපභෝගීව දිවි ගෙවා ඇති බවයි පොලීසිය පවසන්නේ.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නිවසේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 02 ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක්, එම මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස කිරා ගැනීම සඳහා භාවිතා කරන මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික් තරාදියක් සමඟ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයා තිබූ රුපියල් දෙලක්ෂ දහ අටදහස් අටසිය පනහක මුදලක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

දැනට විදේශගතව සැගව සිටිමින් ශ්‍රී ලංකාව තුළ මිනීමැරුම්, අපරාධ සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘සංඛ’ නැමැත්තාගේ ප්‍රධානම ගෝලයෙක් ලෙසත් මොහු හඳුනාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය, මුදල් සහ තරාදිය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.