29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකැනඩාවේ දී ඝාතනය වූ ලාංකික පවුලේ අවසන් කටයුතු සිදු කෙරේ

කැනඩාවේ දී ඝාතනය වූ ලාංකික පවුලේ අවසන් කටයුතු සිදු කෙරේ

පසුගියදා මුළු කැනඩාවම සලිත කරවමින් ඔටාවා හී බාර්හේවන් හී දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 06 දෙනාගේ අවසන් කරයුතු ඊයේ (17) සිදු කර තිබෙනවා.

ඔවුන්ගේ අවසන් කටයුතු ඔටාවා හිදී සිදුකෙරුණු අතර මෙම අවසන් කටයුතු සඳහා ප්‍රහාරයෙන් දිවි බේරාගත් ශ්‍රී ලාංකික පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද එක්ව තිබෙනවා.

මෙම අවමංගල්‍ය උත්සව අවස්ථාවට එක් වූ පුද්ගලයින්ට ශෝක ප්‍රකාශයන් සටහන් තැබීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබුණා.

පසුගිය මාර්තු 06 වැනිදා මුළු කැනඩාවම සලිත කරවමින් 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු විසින් මෙම ඝාතනය සිදුකර තිබුණා.

ඔටාවා ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.