26.7 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබදුල්ලේ මාර්ගයක් අයිනේ අත්බෝම්බයක්

බදුල්ලේ මාර්ගයක් අයිනේ අත්බෝම්බයක්

බදුල්ල, වැලිකේමුල්ල ප්‍රදේශයේ මාර්ගය අයිනේ තිබී ඊයේ (17) පස්වරුවේ අත්බෝම්බයක් සොයාගත් බව පොලීසිය පවසනවා.

වැලිකේමුල්ල, ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානය අසළ මාර්ගය දෙපස මාර්ගය පිරිසිදු කරමින් සිටි පුද්ගලයෙකු මෙම අත්බෝම්බය දැක 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් අත්බෝම්බය අත්අඩංගුවට ගෙන එය නිෂ්ක්‍රීය කිරීම සඳහා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට භාර දී ඇත.

රට පුරා සෝදිසි මෙහෙයුමක් සිදුවනු ඇතැයි බියෙන් කිසියම් අයකු මෙම අත්බෝම්බය එම ස්ථානයේ දමා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.