25 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට සුපිරි ධනවතුන් 100 දෙනා නම් කිරීමට සැරසෙයි

මෙරට සුපිරි ධනවතුන් 100 දෙනා නම් කිරීමට සැරසෙයි

ජාතියේ ඉහළ ධනවත් පුද්ගලයන්ගේ බදු අනුකූලතාව සහතික කිරීම සඳහා විවිධ ප්‍රවාහවලින් වැඩිම ආදායම් වාර්තා කරන බදු ගෙවන්නන් 100 දෙනා නම් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැරසෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ නිශ්චල දේපළ, මූල්‍ය බුද්ධි ඒකකය වාර්තා, බැංකු ගිණුම් විස්තර සහ ගිවිසුම් හවුල්කරුවන්ගේ තොරතුරු වැනි තුන්වන පාර්ශ්ව දත්ත ඇතුළු අනෙකුත් දත්ත මූලාශ්‍ර සමාලෝචනය කිරීමෙන් මෙම පිරිස හඳුනාගන්නා බවයි.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. ඒ. සේපාලිකා චන්ද්‍රසේකර කියා සිටියේ රටේ බදු පරිපාලනය පිළිබඳ සාධාරණත්වය සහ විශ්වාසය යළි ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස මෙම පියවර ගන්නා බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉහළ ධනවත් පුද්ගලයන්ගේ ඒකකය (HWIU) නමින් කැපවූ කාර්යාලයක් ද පිහිටුවා තිබෙනවා.

තෝරාගත් මෙරට ධනවත් පුද්ගලයින් සංඛ්‍යාවක් සම්බන්ධ කර ගැනීමේ එම කාර්යාලයට පැවරී ඇති වගකීමයි.