32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරුසියානු ජනපති පුටුව යළිත් පුටින්ට

රුසියානු ජනපති පුටුව යළිත් පුටින්ට

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිතරගයෙන්ම පස්වන වරටත් එරට බලයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව 87%කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ව්ලැඩිමීර් පුටින් වෙනුවෙන් ලැබී ඇති බවයි.

පුටින් ලබාගත් 87.8% ක ඡන්ද ප්‍රතිශතය රුසියාවේ පශ්චාත්-සෝවියට් ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයෙක් මෙතෙක් ලැබූ ඉහළම ඡන්ද ප්‍රතිඵලයවීම ද විශේෂත්වයක්.

ඒ අනුව 71 හැවිරිදි පුටින් නව වසර හයක ධුර කාලයක් ආරම්භ කිරීමට සූදානම් වන අතර ඔහු එය සම්පූර්ණ කළහොත්, ජෝසෆ් ස්ටාලින් අභිබවා ගොස් රුසියාවේ දීර්ඝතම කාලයක් නායකත්වය හෙබවූ නායකයා බවට පත්වනවා.

සිය ජයග්‍රහණයෙන් පසු ව්ලැඩිමීර් පුටින් වැඩිදුරටත් පැවසුවේ රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය බටහිර රටවලට වඩා විනිවිද පෙනෙන බවයි.