26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළිඳට වැටී තරුණියක් ජීවිතක්ෂයට

ළිඳට වැටී තරුණියක් ජීවිතක්ෂයට

වව්නියාව – සමලන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක ළිඳකට වැටීමෙන් තරුණියක් මියගොස් ඇති බව සිදම්බරපුරම් පොලිසිය පවසනවා.

ඊයේ (17) සවස එම තරුණිය ළිඳේ මෝටර් ස්විචය දමා එහි නළය ගැලවී තිබීම නිසා එය අගුළු දැමීමට උත්සාහ කිරීමේදී ළිඳට වැටී තිබෙනවා.

මෝටරය නොනවත්වා ක්‍රියාත්මක වන බව දුටු අසල්වාසීන් ළිඳ අසළට පැමිණ බැලීමේදී තරුණිය ළිඳට වැටී ඇති අයුරු දැකක තිබෙනවා.

අසල්වාසීන්ගේද සහය ඇතිව තරුණිය බේරාගෙන වවුනියාව රෝහලට ඇතුළත් කළද ඇය ඒ වනවිටත් මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව – සමලන්කුලම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක්.

සිද්ධිය සම්බන්ධයෙන් සිදම්බරපුරම් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.