27.2 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකතරගම ලොකු කපුවාගේ වැඩ තහනම්

කතරගම ලොකු කපුවාගේ වැඩ තහනම්

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා ලෙස සේවය කළ සොමිපාල තිඹිලත් රත්නායක සහ මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන කපුවන් දෙදෙනාගේ කපු ධුරය අත්හිටුවා තිබෙනවා.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දෙදෙනාගේ සේවට අත්හිටවූ බවයි.

කතරගම දේවාලයට බැතිමතෙකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වුණා.

ඒ අනුව ඊයේ සිට මොවුන් දෙදෙනාට රුහුණු මහා කතරගම දේවාල මාළිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු හෝ වක්‍රාකාරයෙන් හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් වනවා.