― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගෝඨාගේ හිටපු ශාරීරික උපදේශක කුඩු සමඟ අල්ලයි

ගෝඨාගේ හිටපු ශාරීරික උපදේශක කුඩු සමඟ අල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශාරිරික අභ්‍යාස පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් හෙරොයින් ග්‍රෑම් 02ක් සමඟ මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු හිටපු කොමාන්ඩෝ සෙබළෙකු ද වන අතර ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරය අහිමි වීමෙන් පසු නැවත රාජකාරියට අනුයුක්ත කිරීමේදී විනය කඩ කිරීමේ හේතු ගණනාවක් හේතුවෙන් කොමාන්ඩෝ බළකායෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු පසුව පාතාලය හා සම්බන්ධතා පවත්වමින් මත්කුඩු ජාවාරමට යොමුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

28 හැවිරිදි සැකකරු දක්ෂ වෙඩික්කරුවෙකු බවත් මොහු පාතාලය හා සම්බන්ධ වී ඝාතන සිදු කළේද යන සැකය මත ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් පොලීසිය පවසනවා.

දෙදරු පියෙකු වන සැකකරු පදිංචිව සිටි නෙල්ලිගල ප්‍රදේශයේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 02 ක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ලබාගත් රැඳවුම් නියෝගයක් මත සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබනවා.