― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsදකුණේ පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම්

දකුණේ පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම්

දකුණු පළාතේ පාසල් ගුරුවරුන්ට තමන් උගන්වන පාසලේ ළමුන්ට මුදල් අයකර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා විසින් මේ බව දන්වමින් චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා.

දකුණු පළාතේ පාසල්වල ඇතැම් ගුරුවරුන් තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල රජයේ නිවාඩු දිනවල විවිධ බාහිර ස්ථානවල මුදල් අයකර අමතර පන්ති පවත්වන බවත් එම පන්තිවලට සහභාගී නොවන සිසුන්ට විවිධ බලපෑම් සිදුකරන බවත්, අවස්ථා කිහිපයක දී වාර්තාවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව සිසුන්ගේ පාසල් පැමිණීම ඉහළ නැංවීම සහ පාසල් කාලය තුළදී ගුරු භවතුන් විසින් මුදල් අයකරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම වැලැක්වීම සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ 2006/45 ට අතිරේකව දකුණු පළාතේ පාසල්වල ගුරුවරු තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් වේලාව තුල, හා පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල හා රජයේ නිවාඩු දිනවල විවිධ බාහිර ස්ථානවල මුදල් අය කර අමතර පන්ති පැවැත්වීම මෙම චක්‍රලේඛය මගින් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම උපදෙස් නොසලකා කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බවට අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම උපදෙස් නොසලකා කටයුතු කරන ගුරුවරුන් පිළිබඳව වාර්තාවන අවස්ථාවල දී විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතු වනවා.