29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදැරියක් සමූහ දූෂණය කළ 09 දෙනෙක් අත්අඩංගුවට

දැරියක් සමූහ දූෂණය කළ 09 දෙනෙක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් වරින් වර ලිංගික අපයෝජනය කළ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර නගරයේ කොණ්ඩා කපන ස්ථානයකදී මෙම දැරිය වරින් වර දූෂණය වී ඇති බවයි අනුරාධපුර ළමා හා කාන්තා කාර්යාංශය පැවසුවේ.

14 හැවිරිදි වියේ පසුවන මෙම දැරිය නිරන්තරයෙන් එම ස්ථානයට පැමිණීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති අතර වින්දිත දැරිය පොලිස් භාරයට ගෙන ඇයගෙන් ලබා ගත් ප්‍රකාශ ඔස්සේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 19, 61, 52, 35, 40, 34 සහ 48 යන වයස්වල පසුවන්නන් පිරිසක් බවයි පොලීසිය පැවසුවේ.

පොලීසිය විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම දැරිය අදාළ ස්ථානය තුළ අවස්ථා ගණනාවකදීම අපයෝජනයට ලක්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.