26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජය දුන් පොරොන්දු බොහොමයක් ඉටුකර තිබෙනවා

රජය දුන් පොරොන්දු බොහොමයක් ඉටුකර තිබෙනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය ලබාදුන් පොරොන්දු බොහොමයක් මේ වනවිට ඉටු කර ඇති බව පළාත් සභා, පළාත් පාලන හා පරිසර අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිවෙමින් පවතින පාලම් 162ක වැඩ ලබන අගෝස්තු මාසයට පෙර අවසන් කර ජනතා අයිතියට පත් කරන බවයි.

“සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභාවලට ලබාදී ඇති රුපියල් මිලියන 1000 ක යෝජනා ක්‍රමය අගෝස්තු මාසය අවසන් වීමට පෙර අවසන් කරනවා. එමෙන්ම බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 29,000 න් වැඩි පිරිසකට ස්ථිර පත්වීම් ලබා දෙනවා. නිලධාරීන් 2600 ක් ගියා. පුරප්පාඩු වූ තනතුරු සඳහා අයදුම් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.”