― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරාජිතගේ සුදු වෑන් නඩුවට දින දෙයි

රාජිතගේ සුදු වෑන් නඩුවට දින දෙයි

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම සහ මංකොල්ලකෑම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම තුළින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළේ යයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා මැයි මස 08 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා නැවත වරෙන්තු නිකුත් කිරීමටද විනිසුරුවරයා නියෝග කළා.

මෙම නඩුවේ සාක්ෂිකරු දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් මෙම නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් මතුවන බව පෙන්වා දුන් විනිසුරුවරයා එය යහපත් තත්වයක් නොවන බවත් පැවසුවා.

ප්‍රධාන සාක්ෂිකරුවන් අධිකරණයට නොපැමිණෙන්නේ නම් වෙනත් සාක්ෂි මෙහෙයවීමට පැමිණිල්ල කටයුතු කළ යුතු බවත් එසේ නොමැති නම් පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ එහි තවත් විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන විත්තිකරුවන්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම අත්හිටුවන ලෙස කර තිබෙන ඉල්ලීම හෙට දින සලකා බලන බවත් විනිසුරුවරයා නිවේදනය කළා.