29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආණ්ඩුව ඡන්දෙට සල්ලි හොයන්න බාර් ලයිසන් බෙදනවා

ආණ්ඩුව ඡන්දෙට සල්ලි හොයන්න බාර් ලයිසන් බෙදනවා

ආණ්ඩුව ඡන්දෙට මුදල් සෙවීම සඳහා කෝටි 2ක මුදලකට බාර් ලයිසන් 200ක් බෙදන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා අද (20) පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉන් බලපත්‍ර 15ක් මේ වන විටත් ලබා දී අවසන් බවයි.

එසේම මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 06ක් ද දැනට ලබා දී ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් ගුණසිරි නැමැත්තා නැවත පත් කර ඇත්තේ මේ සඳහා බවත් ඡන්දයට මුදල් එකතු කිරීමක් ද කියා සැක සහිත බැවින් මෙහි සත්‍යතාව අනාවරණය කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් විමසා සිටින්නේ රටේ 41ක් ලක්ෂයක් වූ පාසල් දරු පරපුර වෙනුවෙන් බවත් තමා වරප්‍රසාදවලට යට වී බොරු නොකියන බවත් මේ කියන දේ වගකීමෙන් කියන බවත් මේ අනීතික බලපත්‍ර සියල්ල සමගි ජන බලවේග රජයක් යටතේ නැවත ලබා ගන්නා බවත් මේ සම්බන්ධ අංගසම්පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.