― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋතුරේ ධීවරයින් සත්‍යග්‍රහයක් අරඹයි

උතුරේ ධීවරයින් සත්‍යග්‍රහයක් අරඹයි

යාපනයේ ධීවර සංගම් කිහිපයක සාමාජිකයින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

ඉන්දියානු ධීවරයින්ගෙන් නොකඩවා එල්ල වන තාඩන පීඩන හා උතුරු මුහුද ආක්‍රමණයන් හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තය කඩාවැටී ඇතැයි පවසමිනුයි ඔවුන් මෙම සත්‍යග්‍රහයේ නිරත වන්නේ.

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය ඉදිරිපිටට යාපනයේ ධීවරයින් පිරිසක් ගොස් විරෝධතාවක නිරත වූ අතර අදාල විරෝධතාවයේ නිරත ධීවරයින් එම ස්ථානයේන් ඉවත් කිරීමට යාපනය පොලීසිය ඊයේ (19) පියවර ගනු ලැබුවා.

මේ වනවිට ඉන්දීය ධීවරයින් විසින් උතුරේ ධීවරයින්ගේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා දැල් ආම්පන්න මෙන්ම ධීවර යාත්‍රාද විනාශ කොට ඇති අතර උතුරු මුහුදු තීරයේ මත්ස්‍ය සම්පතද අත්පත් කරගෙන ඇති බවටයි එම ධීවරයින් චෝදනා කරන්න්නේ.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම රජයෙන් විසඳුම් ඉල්ලූ බවත් ඊට ලැබෙන තාවකාලික විසඳුම්වලින් තත්ත්වය බරපතල වී ඇති බවත් ඔවුන් පවසනවා.