26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවන් සමඟ පොලිසියේ දෙන්නෙක් දාපු කුඩු පාටිය

කාන්තාවන් සමඟ පොලිසියේ දෙන්නෙක් දාපු කුඩු පාටිය

නවාතැන්පොලක් තුළ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා, කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස්දෙනෙක් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බවයි.

මොරටුව මූලස්ථාන පොලීසියට ලද තොරතුරක් මතයි අදාළ නවාතැන්පොළ වටලා ඇත්තේ.

එහි සිටි සැකකරුවන් පරීක්ෂා කිරීමේදී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක්, හෙරොයින් මිලිග්‍රෑම් 20ක් සහ විද්‍යුත් තරාදියක්, තූල් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 260ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 40ක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම පොලීසිය විසින් සිදුකරනු ලැබූ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ කොස්තාපල්වරයා මෙම සාදය සඳහා සහභාගි වී ඇත්තේ රාජකාරි අතරතුරදී බවයි.