26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන් වැඩ වර්ජනයක

දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන් වැඩ වර්ජනයක

දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන් අද (20) වැඩ වර්ජනයක නිරත වනවා.

උපාධිධාරී ඖෂධවේදීන් 900ක් පමණ පුහුණුව අවසන් කර සෞඛ්‍ය සේවයට එක්වීමට අපේක්ෂාවෙන් සිටි කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පුහුණු කිරීමත් හා පුහුණුව සඳහා ඖෂධ සංයෝජකයින් තුන්සියයක කණ්ඩායමක් බඳවා ගැනීමට සැරසීම යන කාරණාවලට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.

ඒ අනුව අද (20) උදෑසන 08.00 සිට හෙට (21) උදෑසන 08.00 දක්වා දිවයින පුරා රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බවයි ඖෂධවේදීන් පවසන්නේ.

මෙහිදී ඖෂධවේදීන් සියලු අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක සේවා ස්වේච්ඡාවෙන් ලබා දෙනු ලබන අතර සියලු අනෙකුත් සේවාවන්වලින් පමණක් ඉවත් වනු ඇති.