29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේ වසරේ සංචාරක පැමිණීමේ වර්ධනයක්

මේ වසරේ සංචාරක පැමිණීමේ වර්ධනයක්

මේ වසරේ ගෙවුණු කාලය තුළ විදෙස් සංචාරකයින් 850,000ක් දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් බවට පත්ව ඇති බවයො ඔහු කියා සිටියේ.

ඔහු පෙන්වා දෙන්නේ ආකාරයට 2024 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා දක්වා කාලය තුළ ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණි ගුවන් මගීන් සංඛ්‍යාව 850,000ක් බවයි.

එසේම මේ වසර අවසානය වනවිට ගුවන් මගීන් මිලියන 10ක් පමණ පිරිසක් ගුවන්තොටුපළ භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බව ඔහු සඳහන් කළේය.

2022 වසරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිතා කළ සමස්ත මගින් ප්‍රමාණය මිලියන 05ක් වන බවත්, 2023 වසරේදී එම ප්‍රමාණය මිලියන 08 දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් හෙතෙම පෙන්වා දෙනවා.