29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයුක්තියෙන් පාතාල සාමාජිකයින් තිදෙනෙක් අල්ලයි

යුක්තියෙන් පාතාල සාමාජිකයින් තිදෙනෙක් අල්ලයි

ගෙවුණු පැය 24 තුළදී දිවයින පුරා සිදු කළ යුක්තියේ මෙහෙයුමෙන් පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (19) පස්වරුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කෙසෙල්වත්ත දිනුකගේ’ කල්ලියේ සාමාජිකයෙකු වන විදානදූරගේ තරිදු රුවන් කුමාර නම් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අංක 10/02/ඒ, සර්ෆන්ටයින් පාර, බොරැල්ල කොළඹ 08 ලිපිනයේ සිදු කළ වැටලීමේදී මොහු හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6550ක් සමඟ අත්අඩංගුවට ගෙන CCD වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම කංජිපානි ඉම්රාන්ගේ ගොලයෙක් වන අහමඩ් ජිෆ්රි අහමඩ් රිස්වාන් නොහොත් (ගෝඩා රිස්වාන්) යන අය නො:334/9A, ජුම්මා මස්ජිත් පාර, මාලිගාවත්ත ලිපිනයේ සිදු කළ වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 6400 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

‘පුකුඩි කන්නාගේ’ ගෝලයෙකු වන මුණවීර ආරච්චිලගේ සුසන්ත යන අය කජීමාවත්ත ක්‍රීඩාංගණය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6620ක් සොයාගෙන තිබෙනවා.