26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට ගිය මැති ඇමතිවරු 07 දෙනෙක් වහාම ලංකාවට කැඳවයි

රට ගිය මැති ඇමතිවරු 07 දෙනෙක් වහාම ලංකාවට කැඳවයි

මේ දිනවල විදේශගතව සිටින මැති ඇමැතිවරුන් 07 දෙනෙක් වහාම දිවයිනට ගෙන්වා ගැනීමට උපදෙස් ලබා දී තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේ දෙවැනි දිනය අදයි.

ඊට අදාළ ඡන්ද විමසීම හෙට (21) පැවැත්වීමට නියමිත අතර ඊට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් නැවත දිවයිනට කැඳවන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මැති ඇමතිවරුන් හත් දෙනෙකු මෙලෙස දිවයිනට කැඳවා තිබෙනවා.