25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්

රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්

රේගු වෘත්තිය සමිති විසින් දින කිහිපයක් අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

ඊයේ (19) පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව දින කිහිපයක් අඛණ්ඩව ගෙන ගිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට රේගු වෘත්තීය සමිති එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ අනුව අද (20) උදෑසන සිට රේගුවේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ඇති.