― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsළමුන්ට AI දෙන්න මයික්‍රසොෆ්ට් සමඟ ගිවිසුමක්

ළමුන්ට AI දෙන්න මයික්‍රසොෆ්ට් සමඟ ගිවිසුමක්

කෘත්‍රිම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රොසොෆ්ට් ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

සියලුම පළාත් නියෝජනය වන අයුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

මෙම ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ශ්වයෙන් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අත්සන් තැබූ අතර මයික්‍රොසොෆ්ට් ආයතනය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හර්ෂ රන්දෙණිය විසින් අත්සන් තැබුවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්මෙම උත්සවය පැවති අතර මයික්‍රසොෆ්ට් සමාගමේ ඉන්දියාවේ සහ දකුණු ආසියානු කලාපීය සභාපති පුනීත් චන්දොක් (Mr. Puneet chandok) මෙම අවස්ථාවට එක්විය.