25.6 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'ඔමිටියාවත්තේ කිරියා' හෙරොයින් සමඟ අල්ලයි

‘ඔමිටියාවත්තේ කිරියා’ හෙරොයින් සමඟ අල්ලයි

මෙරට මත්ද්‍රව්‍ය ජාවරමේ ප්‍රධාන ගෝලයෙකු වන ‘ඔමිටියාවත්ත කිරියා’ කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මතුගම හා අවට ප්‍රදේශ රැසකට ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

‘ඔමිටියාවත්තේ කිරියා’ යන නමින් ප්‍රසිද්ධ මෙම පුද්ගලයා මතුගම, කළුතර, වැලිපැන්න, දොඩම්ගොඩ ප්‍රදේශ රැසකටම ඊසි කෑෂ් ක්‍රමයට දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙනවා.

මෙම සැකකරු මතුගම, සොල්දරකඩේ මංසන්ධියේදී වෙනත් පුද්ගලයකුට ලබාදීම සඳහා හෙරොයින් ග්‍රෑම් දහයක් සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාවාරම සිදු කරගෙන ගිය ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර 28 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මතුගම ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකට ඔහු සම්බන්ධ බවයි.

මෙම පුද්ගලයා විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබෙන මුදල් ‘බෝපිටියේ ඉබ්බා’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයාගේ ගිණුමට ගිණුම් ගත කර ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ වන විට එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.