29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ප්‍රවේශපත්‍ර ඔන්ලයින් වෙන් කිරීමේදී ගැටලු රැසක්

දුම්රිය ප්‍රවේශපත්‍ර ඔන්ලයින් වෙන් කිරීමේදී ගැටලු රැසක්

දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ආසන වෙන් කිරීමේදී ගැටලු රාශියක් හටගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගියදා දුම්රිය ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ වෙන් කිරීමේ පහසුකම හඳුන්වා දුන්නා.

නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින නීතී රාමුවට අදාළව එම නව ක්‍රමවේදය සකස් කිරීමට අදාළ ආයතනය සමත්ව නොමැති බවට දුම්රිය සේවකයන්ගෙන් චෝදනා මතුව තිබෙනවා.

එසේම නව ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ර හරහා ආසන වෙන් කර ගත් මගීන් දුම්රිය ස්ථානය වෙත අදාළ ආසන තහවුරු කිරීමට දුම්රිය ස්ථාන වෙත යෑමේදී විශාල වශයෙන් පෝලීම්වල රැඳී සිටීමට වූ අවස්ථා ද එමෙන්ම නව ක්‍රමවේදයේ පවතින ගැටළුකාරී තත්ත්වය මත අන්තර්ජාලය ඔස්සේ වෙන් කළ ආසනවලට අදාළ විද්‍යුත් ලේඛන ඔවුන් සතුව පැවතිය ද ඔවුනට ආසන නොලැබීම සම්බන්ධයෙන් ද පැමිණිලි මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලැබෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ විසින් අදාළ ගැටලු විසඳන ලෙස අදාල නව ක්‍රමවේදය හඳුන්වා දුන් ආයතනය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.