29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනුවර වැවේ තුවාල කැළැල් සහිත මළ සිරුරක්

නුවර වැවේ තුවාල කැළැල් සහිත මළ සිරුරක්

සැක කටයුතු ලෙස මියගිය පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අනුරාධපුර නුවර වැවේ තිබී සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මළ සිරුරේ ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල දක්නට ලැබෙන බවයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන අයෙක් වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

ඊයේ (20) පස්වරුවේ නුවර වැව බැම්ම මතින් ගමන් කළ පුද්ගලයකු මෙම මළ සිරුර දැක නුවර වැව් ඉස්මත්තේ ස්ථාපිත කර ඇති පොලිස් ජීවිතාරක්ෂක මුරපොළට දැනුම් දී තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම මෙම පුද්ගල මළ සිරුර සොයාගෙන තිබේ.

ඉන් අනතුරුව අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත කළ දැනුම්දීමෙන් අනතුරුව මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායම පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදු කර තිබෙනවා.

අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත මළ සිරුර ඔහු ඉදිරියේ ගොග ගෙන ඇති අතර හදිසි මරණ පරීක්ෂණවලින් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.