32.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලවාය සුපිරි කොල්ලයේ දර්ශන මෙන්න

වැල්ලවාය සුපිරි කොල්ලයේ දර්ශන මෙන්න

ඊයේ (20) රාත්‍රියේ වැල්ලවායේ වෙළෙඳසැල් තුනක් සහ වෛද්‍ය මධ්‍යස්ථානයක් කොල්ල කා තිබෙනවා.

පොලීසිය පැවසුවේ අදාළ කොල්ලකෑම ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇති බවයි.

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මල්වත්තාවල හංදිය ප්‍රදේශයේ ඇති වෙළෙඳසැල් තුනක් සහ වෛද්‍ය මධ්‍යස්ථානයක් මෙලෙස කොල්ල කා තිබෙනවා.

මෙම සොරකම ඊයේ රාත්‍රියේ සිදු වී ඇති අතර සොරකම් කරන ලද භාණ්ඩ සහ මුදල් සම්බන්ධයෙන් නිශ්චිත ගණනය කිරීමක් මේ වන තෙක් සිදු කර නොමැත.

වෙළෙඳසැල්වල දොරගුළු කඩා දමා මෙම සොරකම සිදු කරන ආකාරය එම ආරක්ෂිත කැමරාවල මෙලෙස සටහන් වී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානය වෙත ලැබුණු පැමිණිලි අනුව වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම සිද්ධිය විමර්ශන සිදු කරයි.