― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවියළි කාලගුණයෙන් ගැබිණි මවුවරුන්ට රතු එළියක්

වියළි කාලගුණයෙන් ගැබිණි මවුවරුන්ට රතු එළියක්

මේ දිනවල දිවයින පුරා අධික වියළි කාලගුණයක් පවතිනවා.

වියළි කාලගුණය හේතුවෙන් ගැබිණි මවුවරුන් මළ දරුවන් බිහිකිරීමේ හා ගබ්සාවන්ට මුහුණදීමේ වැඩි අවදානමක් පවතින බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි නුවර උසස් අධ්‍යාපන ආයතනයක් විසින් 2017 වසරේ සිට මේ දක්වා කාලය තුළ දත්ත රැස් කරමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සමීක්ෂණය සඳහා දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ උණුසුම් පාරිසරික තත්ත්වයන් යටතේ රැකියා කරන ගැබිණි කාන්තාවන් 800ක් ‍යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබුණා.

ඔවුන් සියල්ලෝම කෘෂිකාර්මික, ගඩොල් නිෂ්පාදන සහ ලුණු නිෂ්පාදන ක්ෂේත්‍රවල රැකියාවල නිරත වූවන් වන අතර ඔවුන් අතරින් සියයට 5ක් ගබ්සාවන්ට මුහුණ දී ඇති අතර මළදරු උපත් සහ නොමේරූ දරු උපත් සියයට 6.1ක් වාර්තා වී තිබෙනවා.