32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලාංකිකයින් 100කගේ කොරියා සිහිනය බොඳ වෙයි

ශ්‍රී ලාංකිකයින් 100කගේ කොරියා සිහිනය බොඳ වෙයි

කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රැගෙන යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අවලංගු කිරීම නිසා ඔවුන්ගේ රැකියා සිහිනය බොඳ වී තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් කොරියාව සඳහා යාමට නියමිතව සිටි සියදෙනෙකුට පසුගියදා (19) නැවත නිවෙස් බලා යාමට සිදු වූ බවයි.

මෙම ශ්‍රමිකයන් සිය දෙනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත්වීම මත පසුගියදා (19) කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

හදිසියේම ගුවන්යානය ප්‍රමාදවීමත් සමග ගුවන්තොටුපොළේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර අවසානයේ ගුවන් යානය අවලංගුවීම හේතුවෙන් සියලුදෙනා හැරී ගොස් තිබෙනවා.

නියමිත වේලාවට මෙම පිරිස යැවීමට නොහැකි වූ නිසා ලබන 3 වනදා වනතුරු මෙම කණ්ඩයම කොරියාවට නොඑවන ලෙසයි කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දී ඇත්තේ.

එම සියදෙනාගෙන් යුත් කණ්ඩායමේ හය දෙනෙකුට නැවත කොරියාවට යාමට ඉඩ නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බවත් වාර්තා වනවා.