26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅධික උණුසුමෙන් පුද්ගලයෙක් මරු තුරුලට

අධික උණුසුමෙන් පුද්ගලයෙක් මරු තුරුලට

අධික උණුසුම නිසා පුද්ගලයෙකු මියයාමේ පුවතක් අකුරැස්සෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විජේසිං දෙද්දුවගේ ධර්මසේන නැමැති 72 හැවිරිදි ව්‍යාපාරික සිව්දරු පියෙකි.

මෙම පුද්ගලයා වසර කිහිපයක සිට හෘද රෝගියෙකු ලෙස ප්‍රතිකාර ලබා ගත්තත් මිය යාමට තරම් දරුණු ආබාධ තත්ත්වයක් නොතිබුණු බවත් ඔහු පිංකම් ගෙදරකට සහභාගී වී සිය බිරිඳ සමඟ නැවත නිවස කරා යන අතරතුරදී මරණයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මොවුන් මද දුරක් පැමිණෙද්දී යතුරුපැදියේ හුළං බැස ඇති අතර මියගිය පුදගලයා තම බිරිඳ බස් රථයක නංවා නිවසට යවා තිබෙනවා.

ඉන් අනතුරුව මෙම පුද්ගලයා යතුරුපැදිය කිලෝමීටර්යකට වැඩි දුරක් අධික උණුසුම් කාලගුණය නොතකා පාගමනින්ම තල්ලුකරගෙන රැගෙන යන අයුරු පෝරඹ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබෙනවා.

පසුව ඔහු මාර්ගයේ ඇදවැටී මරණයට පත්ව තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හෘදයේ සෛල මිය යාමකින් මොහු මරණයට පත්ව ඇති බවයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පවතින දැඩි උණුසුම් කාලගුණය හමුවේ විශේෂයෙන්ම රෝගීන් වෙහෙසකර කටයුතුවලින් ඈත් වී සිටීමෙන් මෙවැනි හදිසි මියයෑම් අවම කරගත හැකි බවයි.