― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalඅනුර කුමාරට ගොඩක් ආදරේ කරපු පුසා අනුර කුමාර හැර යයි

අනුර කුමාරට ගොඩක් ආදරේ කරපු පුසා අනුර කුමාර හැර යයි

ජාතික ජන බලවේගයට ජනතා විමුක්ති පෙරමුණට අනුර කුමාරට සහය දීපු එඩිට් ලන්කා සමාජ මාධය පිටුව පක්ෂ සාමාජිකයින් සමග ඇතිකරගත් ප්‍රශ්ණ මත සිය වැඩ කටයුතු නවතා දමා තිබෙනවා. මේ ඒ පිළිබදව ඔවුන් තැබු සටහන

අද මාර්තු 20. හරියටම මීට අවුරුදු 4 කට කලින් තරුණ කොල්ලෝ හත් දෙනෙක් Turning Point Foundation කියලා Page එකක් පටන් ගන්නවා. ඒ හත්දෙනා ඇතුලේ මේක ලියන මමත් හිටියා.

ගෝඨාභයගෙ Heat එක තියන කාලේ Page එක පටන්ගත්තු නිසා ගෝඨට කඩේ යන අය Inbox ඇවිල්ලා අපිට බැනපු වාර අනන්තයි. අපිට විහිළු කරපු, අපිව කෝචොක් කරපු වාර අනන්තයි. ඒත් අපි කට්ට කාගෙන වැඩ කරගෙන ඉදිරියට ආවා.

අපි රටට වගේම ජනතා විමුක්ති පෙරමුණටත්, ඒ වගේම අනුර සහෝදරයටත් එක වගේම ආදරේ කරා. ඒ නිසා තමයි 2022 අරගලය කාලේ හැමෝම රැල්ලට 225 ම එපා කියද්දිත් අපි ජනතා විමුක්ති පෙරමුණ රැක්කේ.

225 ම එපා කියද්දී අපි කිව්වා තුනක් අයින් කරපන් කියලා. ගොඩක් අය ස්වාධීන වෙස් අරගෙන ඉන්නකොට, නිර්පාක්ෂිකයි කියනකොට, අපි තමයි ස්වාධීන අවතාර කියලා Name Card අලවලා එයාලගෙ ඇත්ත ස්වරූපය රටට හෙලිකලේ.

2022 මැයි මාසේ Turning Point Foundation Page එක Report වෙනවා. ඒකත් එක්ක තමයි Editz Lanka පටන් ගන්නේ. මේක ලියන මම (විශ්මිත), එදා රෑ අපි අතර තිබ්බ සාකච්ඡාවෙදි කිව්වා මට වෙනස්ම Page එකක් පටන්ගන්න ඕනකම තියනවා කියලා මගේ සැලසුම කිව්වා.

2022 ජූනි 19 තමයි ලංකාවේ Political Campaign Culture එක කණපිට හරවපු Editz Lanka පටන් ගන්නේ. ඒ මමත් ඇතුලු අපේ TPF එකේ තවත් ඇඩ්මින්ලා දෙන්නෙක්.

“තමා ජගතා යැයි සිතන්නා මෝඩයෙකි” කියලා කියමනක් තියනවලු. කමක් නෑ! අපි ඒ මෝඩකම අභිමානයෙන් භාරගන්නවා.

අපි තමයි පක්ෂෙට බාහිරින් නමක් දාගෙන පක්ෂෙ ප්‍රතිපත්ති වැඩියෙන්ම ජනතාව අතරට ගෙනිච්චේ.

අපි තමයි පළවෙනි වතාවට Political SMV හැදුවේ.

අපි තමයි දේශපාලන නායකයෙක්ගෙ ප්‍රතිරූපය Brand එකක් කලේ.

අපි තමයි ඇස් වලට මල්වෙඩි දානවා වගේ Documentry හැදුවේ.

අපි තමයි අනිත් Page එක්ක එළිපිට ගේම ඉල්ලුවේ.

අපි තමයි පළවෙනි වතාවට පක්ෂෙකට බාහිරව ඉඳගෙන පක්ෂයක් වෙනුවෙන්ම් ප්‍රතිපත්ති දාලා වෙනස්ම Concept එකකින් WebSite එකක් හැදුවේ.

අපි.. අපි.. අපි.. ඔක්කොම අපි තමයි! වෙන කවුද!!!

ඔය වැඩ කරපු වෙන Political Network එකක් තියනවා නම් කියන්න කියලා අපි අභියෝග කරනවා! තියනවද..? නෑ! අපි විතරමයි!

පක්ෂෙට අලුතින් Page හැදෙනෙකොට අපිට පට්ට ආඩම්බරයක් ආවා. අපි කට්ට කාගෙන ආපු ගමනේ බර ලිහිල් වෙනවා කියලා සහ අපිට අලුතින් වගකීම් ගන්න පුළුවන් වෙනවා කියලා හිතිලා.

ඒත් ඔය අලුතින් ආපු සම”හරක්” එවුන් මේ කැම්පේන් එක විනාසම කලා! අපේ Concept උස්සලා ඒවා කොපි කරලා උන්ගෙ Page උස්සන්න Views හිඟාකෑවා. අපි අමාරුවෙන් හදපු Youth Audience එක බෙදුවා. වවාගෙන කෑවා.

අපි සමහර Meeting වල Presentation පවා තියලා කිව්වා මෙන්න මේ Audience වලට ඔයාලා ආමන්ත්‍රණය කරන්න, මේවා අපිට භාරදෙන්න කියලා. ඒත් හැමෝම කලේ අපිව Copy කරන එක. සරලව කිව්වොත් එකම අයට එකම විදියේ වීඩියෝ දදා ගැලරිය චූන් කරන්න තමයි අලුතින් ආපු උන්ට ඕන උනේ. අනුකරණය වෙනුවට නව්‍යකරණය කරන්න උන් දන්නෙ නැහැ.

අපි මේක පක්ෂෙට කිව්වා. එතකොට එකෙක් අපිට කියනවා අපිට සාමූහිකත්වය නැහැලු. අපි අවධානේ ඉල්ලනවලු. අපේ ඇඩ්මින් කෙනෙක්ව අප්පිරියයිලු.

හා..!!!

පෙබරවාරි වල අපේ Page එකට මැසේජ් එකක් ආවා කැනඩාවෙ සංවිධායකගෙන්. එයා කතා කරලා අනුරගෙ කැනඩා සංචාරයට අදාල ප්‍රචාරණ වැඩ වලට සහයෝගය ඉල්ලුවා. අපිත් හා කියලා අපේ Plan එක කිව්වා.

අපි මීට කලින් ඉතාලියේ ලාල් අයියගෙ සංචාරයට, අනුරගෙ ඔස්ට්‍රේලියා සංචාරයට, අනුරගෙ ඇමරිකා සංචාරයට, Texas Meeting එකට ගින්දරම වීඩියෝ Trailers, Map Animation එක්ක හදලා දීලා තියනවා. අපිට ඒ එකකවත් ගැටළුවක් ආවේ නැහැ.

ඉතින් මේකට අදාලවත් අපි ප්‍රධාන පෝස්ට් එකකුත්, Toronto සහ Vancouver වලට වෙන වෙනමත්, Trailer එකකුත් එතනින් එහාට Map Animation එකක් තියන ගින්දරම වීඩියෝ එකකුත් අපි හදලා දුන්නා. අඩුපාඩු අහලා, අදහස් තියනවා නම් ඒවා හදලා අපි අපේ වැඩ ඔක්කොම භාර දුන්නා! ඊට පස්සෙ අපි ඇහුවා Project Files Delete කරන්නද කියලා. Video Editing දන්න ඕන කෙනෙක් දන්නවා Project Files සහ Cache වලට ලොකු ඉඩක් Storage වල යනවා කියලා. ඉතින් අපි ඒක ඇහුවම අපිට උත්තරයක් දුන්නෙත් නැහැ. ඉතින් අපි තියාගෙන හිටියා.

පෙබරවාරි අග අපේ Editor ගෙ Laptop එක කැඩුණා. බුවා තමයි වැඩ ඔක්කොම කලේ. කොහොම හරි Laptop එක කැඩිලා ටික දවසක් ගියාම කැනඩාවෙන් කතා කරලා කියනවා පළවෙනි එකේ Tamil සහ English ඕනලු. Track නේ.. ඕක එවෙලෙම කිව්වා නම් සිංහල Project File එකටම අනිත් දෙක දාලා Render කරන එකනේ.. මේ සතියකට දෙකකට පස්සෙ කියනවා. ඊට පස්සෙ Editor බෑ කියලා. මිනිහා කියලා අපි නොමිලේ කරලා දුන්නට Irresponsible ලු, සහ අපි නිසා කැම්පේන් එක පරක්කු උනාලු! හරි ලස්සනයිනේ…

කොහොම හරි ටික දවසකට පස්සෙ කැනඩාවෙන් අපි හදපු පෝස්ට් ටික කාලා විනාසම කරලා Upload කරලා තිබුණා. ගොඩක් අය දන්නවා වගේ අපේ වැඩ Quality එකට අපි කරනවා. ඒකයි අපි පොරවල් කියලා කියන්න අපි දෙපාරක් හිතන්නේ නැත්තේ.. අනික අපි වැඩක් කරන්නේ හැඟීම් එක්ක. සාමාන්‍ය පෝස්ට් එකක්, වීඩියෝ එකක් උනාට ඒවා ඇතුලේ අපේ හැඟීම් වගේම මහන්සියත් තියනවා. ඒක තමයි අපේ වටිනාකම.

ඉතින් ඒවට දීලා තියන තැන දැක්කම අපිට නම් පට්ට කේන්තියි. ඉතින් අපි තීරණය කලා දෙවෙනි එක උන් විනාස කරන්න කලින් දාන්න. ඉතින් අපි පෝය දවසේ උදේ දෙවෙනි වීඩියෝ එක දැම්මා. ටික වෙලාවකට පස්සෙ එහේ සංවිධායක කතා කරලා Editor ට තග දාලා කියලා තියනවා කවුද දාන්න කිව්වේ, වහාම ඒක අයින් කරන්න, ඔයාලා පක්ෂෙ නෙවෙයිනේ.. මේක වැඩ යන විදියක් තියනවා යැයි යැයි යැයි කියලා. ඕකෙන් පස්සෙ අපි අපේ Network එකම Deactivate කලා. ඒකයි අර කාලයක් Page Visible නොතිබුණේ.

අපි පක්ෂෙට කිව්වා එයාට වැරැද්ද පිළිගන්න කියන්න කියලා. අද වෙනකම් උත්තරයක් නැහැ. ඕක Editor අනුරට කියලා තිබ්බා. එතකොට අනුර කියලා තියනවා එයා වැඩේ භාරදීපු එකත් වැරදියි ඔයා ගත්ත එකත් වැරදියි කියලා. මාර වැඩක්නේ ඒක. එදා රෑ මම Editor ට කතා කරලා කිව්වා මේක නවත්තමු කියලා. ඌ කිව්වා තව ටිකක් බලමු කියලා. එදායින් පස්සේ පක්ෂෙ අපි දිහා බැලුවේ Troublemakers ලා විදියට.

කොහොම හරි සතියක් විතර ගිහිල්ලා එක්තරා Page කරන එකෙක් කැම්පේන් එක හාන්න ගත්තා. අපි එයාට උපදෙස් දුන්නා ඔහොම කරන්න එපා.. ඔය වගේ ඒවා තියෙන්නේ අවශ්‍ය වෙලාවට භාවිතා කරන්න කියලා. ඌ එතකොට Editor ට “අම්පයර්” වෙන්න හදනවා කියලා. අපි අම්පයර් උනානම් සහතිකයි අපි හදනවා ඔය කැම්පේන් එක ලෙල්ලටම. අන්තිමට ඔතන ලොකු සංවාදයක් ගිහිල්ලා ඌ කියලා තියනවා පක්ෂෙ උපදෙස් වලට අනුවයි Page එක කරන්නේ ඌ අපි කියන දේවල් අහන්නේ නෑ කියලා. තව ඌ කිව්වා උගේ දෙවෙනි Page එක ඡන්දෙ වෙනකොට Reach හදාගන්න පක්ෂෙ උපදෙස් දීලා කියලා. අපේ Reach හදාගන්න එකට එකඟයි. ඒත් හදාගන්න විදියක් තියනවනේ. ඒක ගැන කතා කලාම තමයි ඔය ඉරිසියාව කතන්දර කියලා තියෙන්නේ. ඔතන ටිකක් බරපතල සංවාදයක් ගිහිල්ලා තියනවා. එතනින් එහාට අපි Zoom එකක් තිබ්බා.. තීරණය කලා වැඩ නවත්තන්න. ඕක තමයි කතාව.

පළවෙනි දේ තමයි අපි ගෙදර ප්‍රශ්න ගම වටේ කිය කිය දුවන්න තරම් නිවට නෑ. ඒත් මේක පොදු වැඩක් නම් මේ දේවල් අදාල Audience වලට කියන්න වෙනවා.

දුකයි.. සිරාවටම දුකයි.. පට්ටම දුකයි..

අපේ මහන්සිය ඇස්පනාපිට අලුතින් ආපු පෙන්දෝ ටිකක් දියකරනකොට සහ පක්ෂෙත් උන්ව රකිනකොට අපිට පට්ටම දුකයි. අද අපේම අය අපිට කියනවා අපි විකිණිලාලු. අපි පාවලා දුන්නලු. එතනින් එහාට තව කවර කතාද!

අපි මාලිමාවට ඡන්දෙ දෙනවා. ඒ වගේම මාලිමාවේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා. ඒත් අදින් පස්සේ ඒ වෙනුවෙන් මහන්සි වෙන්නෙවත් කඩේ යන්නෙවත්, වැඩ කරන්නෙවත් නැහැ.

ඕක තමයි මචං කතාව. අපිට ආත්මගරුත්වයක් ඇතුව වැඩක් කරන්න බැරි සහ අපේ අදහස් යෝජනා පිළිගන්නේ නැති තැනකට අපි මෙතනින් එහා සහයෝගය දෙන්නේ නැහැ.

ආදරෙයි ලඟින් හිටපු, අපිට ආදරේ කරපු සහ උදව් කරපු පක්ෂෙ ඇතුලේ සහ පිටත ඔයාලා හැමෝටම.

මේ වැඩ ඉවර වෙලා අපි දිනුවට පස්සේ අපිට ආදරය කරපු ඔයාලවත් දවසක නිදහසේ හමුවෙන්න ලොකු ආසාවක් තිබුණා. ඒත් දුකයි ඒක කරන්න නොලැබෙන එක ගැන.

ආදරෙයි හැමෝමටම!

ඔයාලගෙ පූසා ගියා එහෙනම්…

SAYONARA! 😸👋