28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇපල් සමාගමට එරෙහිව නඩුවක්

ඇපල් සමාගමට එරෙහිව නඩුවක්

ස්මාට්ෆෝන් වෙළඳපොළ ඒකාධිකාරී කිරීම සම්බන්ධයෙන් ලෝක ප්‍රකට ඇපල් සමාගමට එරෙහිව විශ්වාසභංග නඩුවක් ගොනු කර තිබෙනවා.

ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාන්ත 15ක් එකතුවයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

මෙමගින් ඇපල් සමාගම අධික ලෙස ලාභ ලබන බවට ඔවුන් චෝදනා කරනවා.

අයිෆෝන් එකක් සඳහා ඩොලර් 1,599ක් දක්වා අය කිරීමෙන්ම මේ බව තහවුරු වන බවත් එම මුදල තරගකාරී අනෙක් සමාගම් හා සංසන්දනය කරන විට ඉතා අධික බවටත් ඔවුන් චෝදනා කරනවා.

නීතිපති මෙරික් ගාර්ලන්ඩ් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මේ තත්ත්වය ද ඇපල් සමාගමේ අසීමිත ලාභ ලැබීමට හේතු වී ඇති බවයි.

එමෙන්ම මෘදුකාංග සංවර්ධකයින්, කෙඩිට් කාඩ් පත් සමාගම්, ගූගල් වැනි තරගකාරී අනෙකුත් ව්‍යාපාරික ආයතනවලින් ඇපල් සමාගම ගාස්තු අය කිරීමට කටයුතු කරන බවත් අවසානයේ එම පිරිවැයත් ඇපල් ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ට දැරීමට සිදුව ඇති බවත් ඔවුන් චෝදනා කරනවා.