32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ සිට බෝට්ටුව බේරා ගැනීමට පැමිණි හිමිකරු රිමාන්ඩ්

ඉන්දියාවේ සිට බෝට්ටුව බේරා ගැනීමට පැමිණි හිමිකරු රිමාන්ඩ්

පසුගියදා ශ්‍රී ලංකාවේදී අල්ලා ගත් තමිල්නාඩු ධීවරයින්ගේ බෝට්ටුවක් බේරා ගැනීමට ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බෝට්ටුවක හිමිකරු සිරගත කර තිබෙනවා.

මේ වසරේ ජනවාරි මාසයේදී මන්නාරම මුහුදු සීමාවේ අනවසරෙන් ධීවර කටයුතුවල නිරතව සිටි මෙම තමිල්නාඩු ධීවරයින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව නිදහස් කෙරුණා.

කෙසේනමුත් අධිකරණ නියෝග මත ඔවුන්ගේ ධීවර යාත්‍රා මෙරට තුළ රඳවා තබාගත් අතර ඊට අදාළ නඩු තීන්දුව පසුගියදා (20) පැවැත්වුණා.

මෙලෙස දින නියම කර තිබූ ධීවර යාත්‍රා දෙකේ නඩු විභාගය පැවැත්වෙන විට හිමිකරුවන් දෙදෙනාම නීතිඥවරුන් මාර්ගයෙන් මන්නාරම අධිකරණයට පැමිණ සිටියා.

පළමු බෝට්ටුවේ නඩුව මුලින්ම කැඳවූ අවස්ථාවේදී නඩුව ඊයේ (21) දිනට කල් තැබුණු අතර අධිකරණයට පැමිණ සිටි අනෙක් ධීවර යාත්‍රාවේ හිමිකරු ඊයේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මන්නාරම අධිකරණය නියෝග කළා.

තමිල්නාඩුවේ රාමනාතපුරම් ප්‍රදේශයේ ධීඉවර යාත්‍රා හිමිකරුවෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.