23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකාන්තාවන්ට සිදුවන අසාධාරණයක් ගැන සජිත් කියයි

කාන්තාවන්ට සිදුවන අසාධාරණයක් ගැන සජිත් කියයි

දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධනයක් නිසා කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් එය වහාම වෙනස් කරන්නැයි තමා රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වමිනි.

2024 පෙබරවාරි මස 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 වගන්තිය, 19 වැනි වගන්තිය සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත හරහා ලිංගික සේවනයට බාලවයස්කාර ගැහැණු දරුවන්ගේ වයස 16 සිට 14 දක්වා අඩු වීම, පිරිමි වරදකරුවකුට වයස 22ට අඩු නම් දඬුවම් ලිහිල් කිරීම මෙන්ම 363 වෙනස් කිරීම හරහා පිරිමි හා ස්ත්‍රී දූෂණ දෙකම එක වගන්තියකට ගෙන ඒම සම්බන්ධයෙන් බරපතල විරෝධතාවක් කාන්තා පාර්ශ්වයෙන් එල්ල වී ඇති බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

363 කාන්තාවන්ට පමණක් වෙනම පරිච්ඡේදයක් ක්‍රියාත්මක විය යුතු බවත් පිරිමි පාර්ශ්වයට සිදුවන දූෂණ කටයුතු 365 බී 1 යටතේ දැනටමත් ක්‍රියාත්මක වන බවත් පිරිමි පාර්ශ්වයට සිදුවන අගතිය විශේෂිතව සඳහන් කිරීමේ ගැටලුවක් නොමැති වුවත් පිරිමින්ට සහ කාන්තාවන්ට සිදුවන දූෂණ ක්‍රියාවලී එකට යෙදවීම සම්බන්ධයෙන් කාන්තාවන්ගේ බරපතල විරෝධයක් එල්ල වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටක් ලෙස කාන්තා අයිතිවාසිකම් අදාළ සම්මුතියට සහ ළමා අයිතිවාසිකම් සම්මුතියට පවා අත්සන් කර ඇති මොහොතක මේ යෝජනා රජයේ සාකච්ඡාවට භාජනය කර ඉදිරිපත් කර ඇති සංශෝධන වැදගත් කරුණු ලෙස සඳහන් කරන බවත් පාර්ලිමේන්තුවේම 225ම මේ සම්බන්ධයෙන් එකම ස්ථාවරයක සිට මේ ගැන අවධානය යොමු කළ යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය.