27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන් ගමන් ප්‍රමාදය ගැන ශ්‍රී ලන්කන් වෙතින් නිවේදනයක්

ගුවන් ගමන් ප්‍රමාදය ගැන ශ්‍රී ලන්කන් වෙතින් නිවේදනයක්

පසුගිය 19 වැනිදා සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඉකුත් 19 වැනිදා ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු දකුණු කොරියාවේ සේවය සඳහා පිටත් කර යැවීමට නියමිතව තිබුණද ගුවන් යානය කාර්මික දෝෂයකට ලක් වීම නිසා එම ගුවන් ගමන ප්‍රමාද කිරීමට සිදුවුණා.

මේ හේතුවෙන් අදාළ ගුවන් ගමන ඊට පසුවදා එනම්, 20 වැනිදා උදෑසන 07.23 ට ශ්‍රී ලාංකික සේවකයින් 117 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් දකුණු කොරියාවේ ඉන්චියොන් බලා පිටත්ව ගොස් තිබෙනවා.

එසේම ඉතිරි ශ්‍රී ලාංකිකයන් 100 දෙනා එළඹෙන 24 වැනිදා දින රැගෙන යාමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සැලසුම් කර ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

මෙම ප්‍රමාද වීම නිසා එම ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා වලට බලපෑමක් ඇති නොවනු ඇතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය බලාපොරොත්තු පළ කරන අතර මේ ආකාරයට විදේශ රැකියා සදහා පිටත්ව යන ගුවන් මගීන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉහළ අගයක් ගන්නා ගනුදෙනුකරුවන් සේ සලකන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසන්නේ.

එසේම මෙවැනි සිදුවීම් නැවත ඇති වීම වළක්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කඩිනම් පියවර ගනිමින් සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.