28.9 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිතුරාගේ සාදයේදී පිහිනුම් තටාකයේ ගිලී අයෙක් ජීවිතක්ෂයට

මිතුරාගේ සාදයේදී පිහිනුම් තටාකයේ ගිලී අයෙක් ජීවිතක්ෂයට

කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් මිල්ලගස්හන්දිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකදී පිහිනුම් තටාකයේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (21) පවස්වරුවේ මිල්ලගස්හන්දිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට විනෝදය සඳහා දිය නෑමට පැමිණි තරුණයින් පිරිසකගෙන් එක් අයෙකු මෙලෙස දියේ ගිලී මිය ගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පරගස්තොට, කපුහේන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම තරුණයා සහ තවත් තරුණයින් පිරිසක් ඊයේ (21) දහවල් කළුතර උතුර, මිල්ලගස් හන්දිය ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයකට පැමිණ ඇති අතර මෙම පුද්ගලයා එක්වරම නාන තටාකයේ සිටියදී දියේ ගිලී තිබෙනවා.

ඉන්පසුව අනිත් තරුණයින් මෙම පුද්ගලයා දියෙන් ගොඩ ගෙන කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

එම තරුණයා දියේ ගිලෙන ආකාරය එම සංචාරක හෝටලයේ cctv කැමරාවක සටහන්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.