28.9 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අල්ලයි

විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අල්ලයි

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

දිවයින පුරා විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ට ජපානය, කොරියාව, සිංගප්පූරුව වැනි රටවල්වල රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කළ බවට කළුතර දකුණ පොලිසියට ලද පැමිණිලි මතයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්ත්තේ.

මෙම කාන්තාව පොලීසිය හමුවේ පවසා ඇත්තේ ජපානයේ පදිංචි පුද්ගලයෙකු හරහා මෙම රැකියා ලබාදීම සිදුකළ බවත් අවසානයේදී එම පුද්ගලයා මෙම රැකියා ලබාදීම මගහැරීම නිසා ඇයද මෙම වංචාවට හසුව ඇති බවත්ය.

දකුණු කළුතර පොලිසියට ලද පැමිණිලි දෙකක් අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඊයේ (21) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී විනිසුරුවරයා නියෝග කර ඇත්තේ අදාළ කාන්තාව මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, පින්වත්ත, මාදුපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි එක්දරු මවකි.

සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.