29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය විසින් භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා.

මෙම මිල අඩු කිරීම ඊයේ (21) සිට ක්‍රියාත්මකයි.

එලැඹෙන උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ වර්ග 09ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවයි සතොස ආයතනය පවසන්නේ.

ඒ අනුව ලොකු ළුෑණු කිලෝ ග්‍රෑමයක් රුපියල් 100කින්, රතු කව්පි කිලෝග්‍රෑමයක් රුපියල් 52කින්, සුදු කව්පි කිලෝ ග්‍රෑමයක් රුපියල් 50කින්,
බාස්මති සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 20කින්, රතු ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 10 කින්, සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 05කින්, දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 05කින්, සෝයාමීට් කිලෝවක් රුපියල් 05කින් සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 02කින් අඩුකර තිබෙනවා.