― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසුප්‍රිම් ටීවී සහ 'දසත නිවුස්' අද සිට TNL ගුවන් කාලය හරහා නැරඹීමට...

සුප්‍රිම් ටීවී සහ ‘දසත නිවුස්’ අද සිට TNL ගුවන් කාලය හරහා නැරඹීමට අවස්ථාව

නවමු අත්දැකීම් ඔබ වෙත ගෙන ඒමේ අරමුණ ඇතිව නව ගමනක් අරඹමින් සුප්‍රිම් ටීවී නාලිකාව අද සිට TNL නාළිකාව සමග අත්වැල් බැදගත්තා.

ඒ TNL නාළිකාව සතු ගුවන් කාලය ලබාගනිමින්.

ඒ අනුව සමබර ප්‍රවෘත්ති වාර්තාකරණයේ අසමසම සන්නාමය ‘දසත නිවුස්’ ප්‍රේක්ෂක ඔබට තවදුරටත් සමීප වනවා.

අද සිට සුප්‍රිම් ටීවී හරහා විකාශය වන සියලු වැඩසටහන් TNL ගුවන් කාලය හරහා ඔබට නැරඹිය හැකි වනවා.

ඩයලොග් ටීවී ෆ්‍රීසැට් ටීවී නාලිකා අංක 07 සහ 17, පියෝ ටීවී නාලිකා අංක 13 සහ 16 හරහා දැන් ඔබේ ආලින්දයට අප තවත් සමීප වෙනවා.

මෙම නව පියවරත් සමඟ ‘දසත නිවුස්’ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් සහ දවසේ පුවත්පත්වල තොරතුරු උදෑසනම ඔබ වෙත ගෙන එන ‘දසත පිටුවෙන් පිටුව’ වැඩසටහන ද ටී.එන්.එල් රූපවාහිනී නාළිකාව ඔස්සේ සජීවීව නැරඹීමට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ජනතාවට අවස්ථාව හිමිවනවා.

ඒ, අනුව සතියේ සෑම දිනකම උදෑසන 6.25ට ‘දසත පිටුවෙන් පිටුව’ වැඩසටහන, දහවල් 11.25 ‘දසත’ ප්‍රවෘත්ති විකාශය සහ සවස 6.25 ‘දසත’ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ටී.එන්.එල් රූපවාහිනී නාළිකාව ඔස්සේ ද නැරඹීමේ හැකියාව පවතිනවා.

සුප්‍රීම් ටීවී නාළිකාව හා එක්ව ආරම්භ කළ දසත ‘දසත පිටුවෙන් පිටුව’ වැඩසටහන සහ ‘දසත නිවුස්’ ප්‍රවෘත්ති විකාශයන් ඉතා කෙටි කාලයක් තුළ මෙරට ප්‍රේක්ෂකයින් අතර ජනාදරයට පත් වුණේ සමබර ප්‍රවෘත්ති වාර්තාකරණ හේතුවෙන්.

ඒ, අනුව සුප්‍රීම් ටීවී නාළිකාව හා සමගාමීව ටී.එන්.එල් රූපවාහිනී නාළිකාව ඔස්සේ ද, අද (22) දිනයේ සිට සමබර ප්‍රවෘත්ති වාර්තාකරණ අසමසම සන්නාමය ‘දසත නිවුස්’ ප්‍රේක්ෂක ඔබට සමීපවීමට හැකියාව ලැබීම ගැන දැනුම් දෙන්නේ ඉතා සතුටින්.

මේ අතර අද (22) සිට ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලුම තරග ද ප්‍රේක්ෂක ඔබට සුප්‍රිම් ටීවී ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිනවා.