27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනවසරෙන් කුවේටයේ ඉන්න ලාංකිකයන්ට පොදු සමා කාලයක්

අනවසරෙන් කුවේටයේ ඉන්න ලාංකිකයන්ට පොදු සමා කාලයක්

වීසා කාලය උල්ලංඝනය කරමින් කුවේට් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ පොදු සමා කාලය තුළදී කුවේටයේ රැඳීඉ සිටින සහ තම සේවා ස්ථානවලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට, දඩ ගෙවීමකින් සහ නීතිමය බාධාවලින් තොරව එරටින් පිට වී යාම සඳහා අවස්ථාව හිමිවනවා.

මෙම පොදු සමා කාලය පසුගිය 17 වැනිදා සිට අප්‍රේල් 17 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මෙම පොදු සමා කාලයෙන් බැහැරව ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇගිලි සලකුණු ලබා ගෙන, යළි කුවේට් රාජ්‍යය වෙත පිවිසීමට නොහැකි වන පරිදි රුපියල් 650,000 ක දඩ මුදලක් ද අය කර පිටුවහල් කරනු ඇති.