27.8 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපරාධයකට සූදානම් වූ අයෙක් පොලිස් දැලේ

අපරාධයකට සූදානම් වූ අයෙක් පොලිස් දැලේ

මෙරට නිෂ්පාදිත ගිනි අවි 03 ක් සමඟ යම් අපරාධයක් සඳහා සූදානම් වූ පුද්ගලයෙකු වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24) තලාතුඔය පොලිස් වසමේ අංක 97/ඒ, ගොමදිවෙල, දුල්මුරේ, තලාතුඔය ලිපිනයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී නීතිවිරෝධී ලෙස බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත ගිනි අවි 03 ක් සන්තකයේ තබා ගනිමින් යම් අපරාධයක් සඳහා සූදානම්ව සිටි තලාතුඔය, දුල්මුරේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු තලාතුඔය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.