31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅවුරුදු කටේ සහල් හිඟයක් මවාපෑමේ උත්සාහයක්

අවුරුදු කටේ සහල් හිඟයක් මවාපෑමේ උත්සාහයක්

උත්සව සමයේ වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් පෙන්වා සහල් ආනයනය කිරීමට රජය සැරසෙන බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

අද වනවිට වෙළෙඳපොලේ සහල් මිල රුපියල් 180 – 220 ත් අතර මිලකට අලෙවි වන බවත් රජය පවසන ආකාරයට මෙරට වෙළෙඳපොළ තුළ කිසිඳු සහල් හිඟයක් නොමැති බවත් ජාතික ගොවිජන එකතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවා.

අද (25) අනුරාධපුරයේ, ගලෙන්බිදුණුවැවදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි සභාපතිවරයා මේ බව සඳහන් කළේ.

උත්සව සමයේ සහල් ආනයනය කිරීමේ සැලසුමක් පවතින බව අපිට ආරංචි වුණා. ඒ සඳහා වෙළඳපොලේ කෘතිම සහල් හිඟයක් මවා පාමින් වෙළඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති බවත් ප්‍රකාශ කරමින් වෙළෙඳ අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් පාරිභෝගික සේවා අධිකාරිය මගින් කෘතිම සහල් හිඟයක් මවාපාමින් සහල්වල මිල ඉහළ දැමීමට අත යට ගනුදෙනු මත සැලසුමක් තියෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු වගකිව යුතු අංශ සහල් මිල පාලනය සම්බන්ධයෙන් මේ වෙනතුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. ප්‍රායෝගික නොවන ගැසට් ගසමින් අදාල අංශවල අකාර්යක්ෂමතාවය සහ නොහැකියාව වසා ගැනීම සඳහා එක එක අංශ ඇඟිල්ල දික් කරනවා. මේක හරියට හේන කාපුවහම ගෙදර ඇවිත් මුවහමට තඩි බානවා වගේ වැඩක්.