30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායල සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

ඊශ්‍රායල සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ වෛද්‍යවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහුට මුදල් ලබාදුන් පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන්ගේ නම් භාවිතා කරමින් මෙම වංචාව කරගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් විධ්‍යවරයා කොළඹ 07, විජේරාම මාවතේ පදිංචිකරුවෙකු වන අතර විදේශ රැකියා සඳහා යවන බව පවසමින් ඊට අදාළ මුදල් ලබාගැනීම සඳහා නාරාහේන්පිට විදේශ රැකියා අමාත්‍යාංශයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද පුද්ගලයන් කැඳවා තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරු මේ ආකාරයෙන් පුද්ගලයන් 9 දෙනෙකුගෙන් රුපියල් 7,650,000ක් වංචා කර ඇති බවයි.