27 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැළණිය සරසවියේ සිසුවෙක් හදිසියේම ජීවිතක්ෂයට

කැළණිය සරසවියේ සිසුවෙක් හදිසියේම ජීවිතක්ෂයට

කැළණිය විශ්වවිද්‍යාලය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

කැළණිය සරසවියේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි අවසන් වසර ශිෂ්‍යයෙකු ඊයේ (24) රාත්‍රියේ හදිසියේ අසනීපව මිය යාම හේතුවෙන් මෙම නොසන්සුන්තාව හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාල සිසුන් පවසන්නේ ගිලන් වූ ශිෂ්‍යයා රෝහලට රැගෙනයෑමට විශ්වවිද්‍යාලය තුළ ගිලන් රථයක් නොතිබීම හේතුවෙන් ශිෂ්‍යයාගේ ජීවිතය රැකගැනීමට නොහැකි වූ බවයි.

ඊයේ රාත්‍රියේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ අවසන් වසර ඉගෙනුම ලබමින් සිටි නිරෝෂන ලක්මාල් නැමති සිසුවෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.