ආනයනික කිරිපිටි මිල අඩු කිරීමේ වාසිය හෝටල් සහ ආපනශාලා වෙත පැමිණෙන පාරිභෝගිකයාට ද ලබාදිය යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසනවා.
ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල රජය විසින් පහළ දමනු ලැබුවා.
ඒ අනුව හෝටල් සහ ආපනශාලාවල අලෙවි කරනු ලබන කිරි තේ එකක් සඳහා රුපියල් 80.00ක පාලන මිලක් නියම කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.